22 පෙත්සම් විභාගයට විනිසුරු මණ්ඩලය නම් කරයි… විනිසුරන් පහයි..

 විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අරමුණින් රජය විසින් ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

අගවිනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් ලෙස අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් නම් කර ඇති බවයි.

අදාළ පෙත්සම් හෙට (01) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව ඇත. 

Streaming Live Network News

මෙම ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජනා කර ඇති අතර, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *