Welcome toමෙරට පවතින ආර්ථික අර්බුදය සහ වෘත්තීයමය ගැටලු හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 3000කට ආසන්න පිරිසක් පසුගිය කාලසීමාව තුළ දිවයින හැර ගොස් ඇති බව වාර්තා වේ. තවත් වෛද්‍යවරුන් 2000ක පමණ පිරිසක් ඉදිරියේදී විදේශගත වීමට සූදානමින් සිටිති.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දත්තවලට අනුව, 2022 වසරේ සිට 2024 දක්වා කාලය තුළ පමණක් විශේෂඥ වෛද්‍යවරුන් 1489 දෙනෙකු මෙරටින් පිටව ගොස් ඇත.
සමස්තයක් ලෙස වෛද්‍යවරුන් 2500ක් පමණ රජයේ සේවය අතහැර ගොස් ඇති අතර, මෙම බුද්ධි ගලනය හේතුවෙන් රජයට රුපියල් කෝටි 1200කට අධික මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බව ගණන් බලා තිබේ.
විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය තුළද මෙවැනිම බරපතළ තත්ත්වයක් නිර්මාණය වී ඇත. පශ්චාත් උපාධි සහ අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වී නැවත මෙරටට වාර්තා නොකළ ආචාර්යවරුන් සංඛ්‍යාව 514ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) අනාවරණය කර ඇත. මෙම පිරිසගෙන් රජයට සහ විශ්වවිද්‍යාල පද්ධතියට අයවිය යුතු මුදල රුපියල් කෝටි 340ක් (බිලියන 3.4ක්) පමණ වන බවද එහිදී හෙළි විය.
පසුගිය වසරේදී පමණක් විදේශ රැකියා සහ සංක්‍රමණ සේවා සඳහා පුද්ගලයන් 310,915 දෙනෙකු දිවයිනෙන් පිටව ගොස් ඇත. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ මහ බැංකු දත්තවලට අනුව, මෙලෙස විදේශගත වූවන්ගෙන් සියයට 76ක්ම (236,900කට අධික පිරිසක්) නිපුණ සහ වෘත්තීය මට්ටමේ ශ්‍රමිකයන් වීම විශේෂත්වයකි.
ආර්ථික දුෂ්කරතා, ඉහළ අධ්‍යාපන අවස්ථා සෙවීම සහ ස්ථිර පදිංචිය සඳහා විදේශ රටවල් තෝරා ගැනීම මෙම බුද්ධි ගලනයට ප්‍රධාන හේතු වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. WordPress. This is your first post. Edit or delete it, then start writing!

One thought on “වෛද්‍යවරුන් සහ සරසවි ඇදුරන් 3,000ක් රට හැර යයි.. තවත් 2,000ක් යන්න පොලිමේ..”