ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.
ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2026 අගෝස්තු මාසය සඳහා 8.0% ක් දක්වා වැඩි වී ඇත.
එය 2026 ජූලි මාසය සඳහා 7.3% ක් ලෙස වාර්තා වී තිබුණි.
2026 අගෝස්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්ෂ්යමය) 8.5 % දක්වා වැඩි වී ඇති අතර 2026 ජූලි මාසයේ දී එය වාර්තා වූයේ 6.3% ක් ලෙසයි.
එමෙන්ම, 2026 අගෝස්තු මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්ෂ්යමය) 7.7% ක් දක්වා අඩු වී ඇති අතර, 2026 ජූලි මාසයේ දී එය 7.8% ක් ලෙස වාර්තා විය.
