සෙවනගල සීනී කර්මාන්ත ශාලාව දින නියමයක් නැතිව වසා දමයි..

 සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අයත් සෙවනගල ඒකකයේ කර්මාන්තශාලාව නැවත දැනුම් දෙන තුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ. සේවකයින් විසින් අඛණ්ඩව සිදු කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් ආයතනයට සිදුවන මූල්‍යමය පාඩුව අවම කර ගැනීම සඳහා මෙම පියවර ගත් බව සමාගම නිවේදනය කරයි.

පසුගිය 25 වැනිදා පස්වරු 2.00 සිට සෙවනගල ඒකකයේ සේවක පිරිසක් සිය රාජකාරි කටයුතුවලින් බැහැරව නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියව
ර ගෙන තිබුණි.

මේ හේතුවෙන් සිදුවන මූල්‍ය අලාභය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන නිලධාරීන් හැර සෙසු සේවකයින්ට පසුගිය 26 සහ 27 යන දෙදින තුළ නිවාඩු ලබා දීමට පාලනාධිකාරිය කටයුතු කර තිබේ.

කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කරන ලෙස ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා විසින් පසුගිය 28 වැනිදා දැනුම් දී තිබුණද, සේවකයින් සිය වර්ජනය අත්නොහැරීම හේතුවෙන් තත්ත්වය තවදුරටත් සංකීර්ණ වී ඇත.

නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමෙන් පසුවද සේවකයින් සුපුරුදු පරිදි රාජකාරිවල නිරත නොවීම හේතුවෙන්, තවදුරටත් පාඩු ලැබිය නොහැකි බව පවසමින් පාලනාධිකාරිය විසින් කර්මාන්තශාලාව මෙලෙස දින නියමයක් නොමැතිව වසා දැමීමට අවසාන වශයෙන් තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *