ලෝක මිල වැඩිවෙලා.. පිටි මිල වැඩි කල යුතු බව ආනයනකරුවෝ කියති..

 ඕස්ට්‍රේලියාව සහ කැනඩාව වැනි විකල්ප වෙළෙඳපොළවලින් තිරිඟු ආනයනය කිරීමට සිදුවීම හේතුවෙන් තමන් දැඩි පිරිවැය පීඩනයකට ලක්ව සිටින බව තිරිඟු පිටි ආනයනික සමාගම් නියෝජිතයෝ පවසති.

ප්‍රධාන තිරිඟු පිටි ආනයනික සමාගම් මුහුණ දී ඇති මෙම ගැටලුකාරී තත්ත්වය පිළිබඳව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී ඔවුහු මේ බව අනාවරණය කළහ.

ගෝලීය වෙළෙඳපොළේ තිරිඟු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම මෙන්ම, නෞකා ප්‍රවාහන සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම හේතුවෙන් මෙරට ප්‍රධාන ආනයනික සමාගම් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

ආනයනකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සහ යෝජනා සැලකිල්ලට ගත් අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් ඉදිරි නියාමන තීරණ ගැනීම සඳහා එම කරුණු ආහාර සුරක්ෂිතතා කමිටුව වෙත යොමු කිරීමට පියවර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *