මාලිමාව කරගෙන යන්නේ 75 අවුරුද්දේ වැඩපිලිවෙලමයි…

වර්තමාන රජය විසින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම් වසර 75ක් තිස්සේ සැලසුම් කරන ලද වැඩපිළිවෙළක් බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරයට සමගාමීව කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා මේ බව සඳහන් කළේය.

පසුගිය වසර හැත්තෑ හයක කාලය තුළ මෙරට දේශපාලන අධිකාරිය සිදුකළේ කුමක්දැයි වත්මන් රජය නිරන්තරයෙන් ප්‍රශ්න කරන බවත්, ඊට නිසි පිළිතුරු ලබාදීමට තම පක්ෂය සූදානම් බවත් හෙතෙම මෙහිදී අවධාරණය කළේය.

රජය මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින්නේ තම පක්ෂය විසින් විවිධ අවධීන්හිදී ආරම්භ කරන ලද වැඩපිළිවෙළවල් බව පෙන්වා දුන් දිසානායක මහතා, එම සැලසුම් ඒ අයුරින්ම ක්‍රියාත්මක වීම පිළිබඳව පක්ෂයක් ලෙස සතුටු විය හැකි බවද ප්‍රකාශ කළේය.

පසුගිය වසර 75ක කාලය පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට සමස්ත ජනතාව වෙනුවෙන් සුවිශේෂී සේවාවක් ඉටුකරමින් රටට ජයග්‍රහණ රැසක් අත්කර දී ඇති බවද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *