අයවැයට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් අද (25) දියත් කර ඇති එක්දින සංකේත වැඩ වර්ජනය හේතුවෙන්, අද දිනයට නියමිතව තිබූ විශ්වවිද්‍යාල විභාග කල් දමා ඇති අතර සියලුම දේශන ද අවලංගු කර තිබේ.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩ වර්ජනය, සතියක් ඇතුළත විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ක්‍රියාත්මක කළ දෙවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයයි.
2025 අයවැය මඟින් කප්පාදු කළ බව කියන වැටුප්, අතිකාල ගෙවීම් සහ අනෙකුත් දීමනා යළි ලබාදෙන ලෙස වෘත්තීය සමිති මෙහිදී බලකර සිටිති.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ, රජය සිය මංගල අයවැයේ සිටම විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අයිතිවාසිකම් අඛණ්ඩව කප්පාදු කරමින් සිටින බවයි
මීට පෙර පැවති සාකච්ඡාවලදී එකඟ වූ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට ද රජය අපොහොසත් වී ඇති බවත් 2027 අයවැය මඟින් දැනට පවතින ගැටලුවලට විසඳුම් ලබාදීමට අසමත් වී ඇති අතර, ඒ වෙනුවට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තවදුරටත් අර්බුද නිර්මාණය කර ඇති බවට ද ඔහු චෝදනා කළේය.
