මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා දිවෙන හතරවන කොටසේ පළමු අදියර (කුරුණෑගල සිට ගලේවෙල දක්වා) ඉදිකිරීමේ කොන්ත්‍රාත්තු දේශීය සමාගම් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ කොන්ත්‍රාත් පැකේජ 12ක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම මාර්ග කොටස වෙනුවෙන් වැය කෙරෙන සමස්ත මුදල රුපියල් බිලියන 243.44කි (වැට් බදු රහිතව).
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
සමස්ත දුර: කිලෝමීටර 78+000 සිට කිලෝමීටර 116+500 දක්වා (සමස්ත දුර කිලෝමීටර 38.5 කි)
සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය: රුපියල් බිලියන 243.44 කි (රු. 243,440,000,000)
කිලෝමීටරයක සාමාන්‍ය පිරිවැය: රුපියල් බිලියන 6.32 කි (එක් කිලෝමීටරයක් සඳහා රුපියල් කෝටි 632 කට අධික මුදලක් වැය වේ)
අදාළ ලංසු ඇගයීම්වලින් අනතුරුව අවම සහ සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසු ඉදිරිපත් කළ දේශීය ප්රමුඛ පෙළේ සමාගම් වෙත කොන්ත්‍රාත්තු පැකේජ 12 මෙලෙස වෙන් කර තිබේ.
- මාගා ඉංජිනේරු සමාගම (Maga Engineering): පැකේජ 1A, 1K සහ 1L (වටිනාකම පිළිවෙළින් රුපියල් බිලියන 14.15, 26.28 සහ 24.45)
- එඩ්වඩ් ඇන්ඩ් ක්‍රිස්ටි (Edward and Christie): පැකේජ 1B (රුපියල් බිලියන 18.39)
- එන්.ඊ.එම්. කන්ස්ට්‍රක්ෂන් (NEM Construction): පැකේජ 1C සහ 1D (පිළිවෙළින් රුපියල් බිලියන 16.15 සහ 24.61)
- කේ.ඩී.ඒ. වීරසිංහ සමාගම (K.D.A. Weerasinghe): පැකේජ 1E (රුපියල් බිලියන 27.29)
- ටුඩාව බ්‍රදර්ස් (Tudawe Brothers): පැකේජ 1F (රුපියල් බිලියන 14.44)
- ආර්.ආර්. කන්ස්ට්‍රක්ෂන් (RR Construction): පැකේජ 1G (රුපියල් බිලියන 15.90)
- ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කොන්සෝටියම් (ICC): පැකේජ 1H සහ 1I (පිළිවෙළින් රුපියල් බිලියන 16.88 සහ 22.51)
- ඇක්සස් ඉංජිනේරු සමාගම (Access Engineering): පැකේජ 1J (රුපියල් බිලියන 22.39)
