30 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ලෝක වෙළෙඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව මෙම මිල සංශෝධනය සිදු කර ඇති බව සංස්ථාව නිවේදනය කරයි.
ඒ අනුව, රුපියල් 414ක්ව පැවති ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 399කි.
Stream Live News
රුපියල් 495ක්ව පැවති ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 475ක් ලෙස සටහන් වේ.
කෙසේ වෙතත්, ලංකා සුදු ඩීසල් (රු. 382.00), ලංකා සුපිරි ඩීසල් (රු. 478.00) සහ ලංකා භූමිතෙල් (රු. 285.00) මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු කර නොමැති බවද සංස්ථාව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

